ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද ඇවිස්සිය හැකියි

ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද ඇවිස්සිය හැකියි

ජනාධිපතිවරණය ආසන්න වන විට නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.

2015 වසරෙන් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය කර බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට පියවර ගෙන තිබූ බව මන්ත්‍රීවරයා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය ද එවැනි බලවේගයක ක්‍රියාවක් විය හැකි බවත් ඒ සම්බන්ධ තොරතුරු විමර්ශනය සඳහා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා තිබෙන බවද සඳහන් කළේය.

ඒ අනුව, පාස්කූ ප්‍රහාරය සම්බන්ධ නිවැරදි තත්වය සෙවීම ද රජයේ වගකීමක් බව රණවක මහතා මාර්තු 29 වෙනිදා පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණ සමුළුවේ දී සඳහන් කළේය.