සිරියාවේ හමුදා පුහුණු පාසලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100ක් මරුට

සිරියාවේ හමුදා පුහුණු පාසලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100ක් මරුට

සිරියාවේ හොම්ස් නගරයේ හමුදා පුහුණු පාසලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 100ක් පමණ මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති කැඩෙට් භටයින් විසිරයෑමේ උත්සවයක් අතරතුර පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරය එල්ල කර ඇති අතර මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද වන බවයි, වාර්තා වන්නේ.

නිලධාරීන් පවසන්නේ, ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ හෝම්ස් හි වයඹ දෙසින් විපක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බව විශ්වාස කෙරෙන බවයි.

උත්සවය අවසන් වීමත් සමග ශාලාවෙන් පිටතට පැමිණි පිරිස එළිමහන් භූමියේ එක්රැස්ව සිටි අවස්ථාවේ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බව සිරියානු සන්නද්ධ හමුදා ප්‍රධානියා පවසයි.

එරට ආරක්ෂක අමාත්‍යවරයා ද උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වී සිට ඇති අතර, ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ, හෝම්ස් නගරයට වයඹ දෙසින් විපක්ෂය පාලනය යටතේ පවතින ප්‍රදේශවලින් බවට විශ්වාස කෙරේ. ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් බාරගෙන නොමැත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දැඩි ශෝකය පළ කර තිබේ.

Share This