ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයකින් මරණ දඬුවම

ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයකින් මරණ දඬුවම

චීනයේ සංචාරයක් අතරතුරදී අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් විසින් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ.

ඒ, චීනයේ සිටියදී චීනයට එරෙහිව ඔත්තු බැලූ බවට චෝදනා නගමින්.

ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් නමැති මෙම මහාචාර්යවරයා චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ මීට වසර පහකට පෙරය.

කෙසේ වෙතත්, එල්ල වන සියලු චෝදනා ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් ප්‍රතික්ෂේප කර තිබේ.

ග්‍රන්ථ කර්තෘවරයෙක්, ආචාර්යවරයෙක් මෙන්ම චීන දේශපාලන කටයුතු සම්බන්ධ ප්‍රවීණයෙක් වන හෙන්ග්ජුන් ට ලබාදී ඇති දඬුවම වසර දෙකකට පසුව ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට සංශෝධනය කෙරෙතැයි අනුමාන කෙරේ.

ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනා පත්‍රය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර චීන අධිකරණ තීන්දුව පිළිකුලෙන් බැහැර කරන බව ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබේ.

Share This