ලොව ජනප්‍රියම නායකයා මෝදි

ලොව ජනප්‍රියම නායකයා මෝදි

ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා වලට අනුව ජනප්‍රියම ලෝක නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

‘මෝනිං කොන්සල්ට්’ සමාගම ලෝක නායකයන් සම්බන්ධයෙන් මත විමසුම් පවත්වා ඇති අතර ජනප්‍රියම ලෝක නායකයා තෝරා ගැනීම සිදුවී ඇත්තේ ඒ අනුවය.

එම මත විමසුමට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනප්‍රිය ලෝක නායකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සියයට 78 ක මනාප ලබා ගනිමිනි.

එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ මනාප සියයට 68ක් ලබා ගත් මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රේස් මැන්වෙල් ලෝපේස්ය. ස්විට්සර්ලන්ත ජනාධිපති ඇලෙන් බෙසර්ග් තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඒ, සියයට 62 ක මනාප ලබා ගනිමිනි.

PM Modi Emerged as World's Most Popular Leader, with approval rating of 78%

Share This