හපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් අයෙක් මරුට

හපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් අයෙක් මරුට

හපුතලේ – අයිස්පීල්ල ප්‍රදේශයේ ඇති හෝටලයක් තුලට පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු විසින් ඊයේ(22) රාත්‍රියේ හෝටල් හිමිකරුට හා ඔහු සමග සිටි පුද්ගලයෙකුට පිස්තෝල අවියකින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.

වෙඩි වැඳීමෙන් හෝටලයේ හිමිකරු සමග සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර හෝටල් හිමිකරු බරපතල තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති බවයි සඳහන් වන්නේ.

47 හැවිරිදි මියගිය පුද්ගලයා ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මාතර මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවෙකු බවද අනාවරණය වී තිබෙනවා.

වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This