ළඳරු කිරි බෝතලෙන් මතුවූ ජීව අත්බෝම්බ සහ පතුරම්

ළඳරු කිරි බෝතලෙන් මතුවූ ජීව අත්බෝම්බ සහ පතුරම්

ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියදුරෙකු වැලිපැන්න සිරිසඳ, කොලැහැකඩ, නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මේවා සොයාගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක්, බෝර 12 පතුරම් 02 ක් සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මෙම ජීව අත්බෝම්බ සහ උණ්ඩ කිසියම් අපරාධයක් සඳහා යොදාගැනීමට සඟවා තිබූ ඒවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි, පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු අද (12) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.