දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි

තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු තිහක පුද්ගලයෙකි

තුවාලකරු රැකියාවට ගොස් නිවසට පැමිණ නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවත් මෙම වෙඩි තැබීම වෙනත් අයකු ඉලක්කකර සිදුකර ඇති බව සැක කරන බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි