අධිකරණයට බලපෑම් කරමින් ජනපති මේ යන්නේ භයානක ගමනක්

අධිකරණයට බලපෑම් කරමින් ජනපති මේ යන්නේ භයානක ගමනක්

අධිකරණ කටයුතු සඳහා විධායකය සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අදහස් පල කර තිබෙනවා.

ඒ ඊයේ (19) දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

අධිකරණ නියෝගවලට අවනත නොවී, අධිකරණයට තර්ජනය කරමින් ජනාධිපතිවරයා මේ යන්නේ භයානක ගමනක් බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.

සමාජයේ මානව අයිතිවාසිකම්, මානව නිදහස, ඡන්ද අයිතිය, සහිත ප්‍රජාතන්ත්‍රවාදයේ සමස්ථ ආරක්ෂා වන්නේ අධිකරණය ස්වාධීන නම් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

“අපේ රටේ අධිකරණයක මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් EPF එකට වෙන බලපෑම පිළිබඳව නඩු විභාගයක් තියෙනවා.

එතකොට මොනවද මේ ජනාධිපතිවරයා දෙන සිග්නල් එක?. ඒ සිග්නල් එක තමයි කියන්න අධිකරණය මොනවා කිව්වත් මම ඒක භාරගන්නේ නැහැ කියන එක. ඒක කොයිතරම් භායනක දෙයක්ද?. ඇත්ත වශයෙන්ම අධිකරණයට කරන ලද තර්ජනයක්. “

“පසුගිය මාර්තු මාසයේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්න පළාත් පාලන ඡන්ද විමසීම්වලට අවශ්‍ය කරන මුදල් බ්ලොක් කරන්න එපා ඒවා නිදහස් කරන්න පියවර ගන්න කියන එක. මේ වෙනතු‍රු ඒ අධිකරණ නියෝගයට අවනත වෙලා නැහැ. “

“දැන් අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත්. මේ අපිට හුරුවෙලා තියෙන මානව අයිතිවාසිකම්, අපිට හුරුවෙලා තියෙන මිනිස් නිදහස, අපිට හුරුවෙලා තියෙන ඡන්ද බලය මේ හැම එකක්ම රඳා පවතින්නේ මේ රටේ අධිකරණ‍ය ස්වාධීන නම් පමණයි.”