අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අද සිට පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අද සිට පහළට

ලංකා සතොස අද (09 ) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර තිබේ.

රතු කැකුළු සහල් රුපියල් 6කින්

මුං ඇට රුපියල් 325කින්

වියළි මිරිස් රුපියල් 60කින්

හාල්මැස්සන් (තායි) රුපියල් 10කින්

රතු පරිප්පු රුපියල් 15කින්

රතු නාඩු සහල් රුපියල් 15කින්

තිරිඟු පිටි 10කින්

සෝයා මීට් (තොග) රුපියල් 10කින්

කඩල රුපියල් 5කින් සහ සුදු සීනි රුපියල් 4කින් වශයෙන් කිලෝග්‍රෑමයක මිල අඩු කර තිබේ.

ඒ අනුව රතු කැකුළු රුපියල් 139, මුං ඇට රුපියල් 1225, වියළි මිරිස් රුපියල් 1290, හාල් මැස්සන් (තායි) රුපියල් 1140, රතු පරිප්පු රුපියල් 299, රතු නාඩු සහල් රුපියල් 200, තිරිඟු පිටි රුපියල් 200, සෝයා මීට් (තොග) රුපියල් 650, කඩල රුපියල් 540 සහ සුදු සීනි රුපියල් 225 වශයෙන් කිලෝග්‍රෑමයක නව මිල සඳහන් වෙයි.