නිකවැරටියේ අතුරුදන්ව සිටි දැරිය හමුවෙයි

නිකවැරටියේ අතුරුදන්ව සිටි දැරිය හමුවෙයි

නිකවැරටිය පොලිස් වසමක අතුරුදන්ව සිටි 15 වියැති පාසැල් දැරිය කුරුණෑගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදි ඊයේ (02) රාත්‍රියේ පොලිස් භාරයට ගත් බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

අතුරුදන්ව දින දෙකකට පසුව රාත්‍රියේ කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසක රැඳී සිටියදී පොලිස් බාරයට ගත් බාල වයස් දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කල බවද පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 31 දා පියා විසින් පාසැලට ඇරලවූ දැරිය පසුව එදින පෙරවරුවේ අතුරුදන්ව ඇති බවට දැරියගේ මව්පියන් පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කල පොලීසිය සිදු කල මෙහෙයුු⁣මේදී මෙලෙස අතුරුදන්ව සිටි දැරිය සොයා ගෙන ඇති බවද පොලීසිය පවසයි.

දැරියගේ පාසැල් පොත් බෑගය සහ පාසැල් ඇඳුම් කුරුණෑගල බස් නැවතුමේ වැසිකිලියක දමා ගොස් තිබියදී සොයා ගෙන තිබූ අතර ඒ අනුව සහ දුරකථන ඇමතුම්ද විශ්ලේෂනය කරමින් සිදු කල මෙහෙයුමින් දැරිය සොයා ගැණීමට හැකිවූ බවද පොලීසිය සඳහන් කරයි.

දැරිය රැඳී සිටි නිවසේ කාන්තාවගේ දියණිය වන එක් දරු මව මීට පෙර දැරිය විසින් හඳුනා ගෙන සිටි බවටත් ඒ අනුව එම නිවසට ගොස් ඇති බවටත් අනාවරණය වුවද දැරිය කුමක් සඳහා මෙම නිවසට පැමිණියේද, දැරිය නිවසින් පිටව යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

Share This