අම්පාර බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්පාර බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ නිවස පිටුපස නාමින් සිටියදී පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩික්කරු සහ මෙම පුද්ගලයා අතර ඇති වූ ඉඩම් ආරවුලක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (7) පැවැත්වීමට නියමිතව ඇත.

Share This