සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන දින ප්‍රකාශයට

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන දින ප්‍රකාශයට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස තුන්වැනි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එමෙන්ම 2024 පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත්, ඒ අනුව 2025 පාසැල් වර්ෂය සාමාන්‍ය තත්ත්වයෙන්ම පැවත්වීමට හැකියාව ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share This