බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.

ඔවුන් සඳහන් කළේ අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට බලපෑම් එල්ල වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී. ඒ. ඩී සුරංජීව මහතා පැවසුවා.