කෝටි 50 ක තල්මස් අම්බර සමඟ ධීවරයෙකු අත්අඩංගුවට

කෝටි 50 ක තල්මස් අම්බර සමඟ ධීවරයෙකු අත්අඩංගුවට

තල්මසුන්ගේ වමනය බවට හඳුන්වන අම්බර කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල කරදගොඩ ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරියෙකුගේ තොරතුරක් මත සැකකරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පැවසුවේ.

සැකකරු 43 හැවිරිදි ධීවර වෘත්තීයේ නියුතු විවාහක පුද්ගලයකි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ප්‍රකාශ කර ඇත්තේ, මෙම අම්බර් මුහුදේ පාවෙමින් තිබිය දී ධීවර රැකියාවේ නිරත වන ආතර තුර තමන්ට හමු වූ බවයි.

එලෙස අත්අඩංගුවට ගත් අම්බර තොගයේ වටිනාකම රුපියල් කෝටි 50ක් පමණවන බව පොලීසිය පවසයි.

මෙම සැකකරු ධිවර වරාය පරිශ්‍රයෙන් මුහුදු ගොස් පැමිණි ධීවරයෙකි.

ඔහුගේ නිවසේ මෙම අම්බර තොගය සඟවා තිබියදී පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (26) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.