කොළඹ වරායේ ගේට්ටුවක් අසළ වෙඩි තැබීමක් – 8 ක් ජාතික රෝහලට

කොළඹ වරායේ ගේට්ටුවක් අසළ වෙඩි තැබීමක් – 8 ක් ජාතික රෝහලට

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවන් 04ක් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙරළබඩ පොලීසිය පැවසුවේ, එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

අනතුරුව පෞද්ගලික ආරක්ෂක අංශය සතුව තිබූ ගිනි අවියක් උදුරාගැනීමට යාමත් සමඟ වෙනත් පෞද්ගලික නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )