web hit counter
අනියම් සැමියා සමග එක්ව සැමියා මැරූ බිරිය අත්අඩංගුවට

අනියම් සැමියා සමග එක්ව සැමියා මැරූ බිරිය අත්අඩංගුවට

මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි.

ඉකුත් (27) ඉහත පුද්ගලයා මෝටර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලේ දී මියගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙය සාමාන්‍ය අනතුරක් නොව මරණකරුගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා එක්ව සිදුකළ ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )