ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් තද වැසි

අද සවස 2.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහති වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර මන්නාමර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ දි වැසි ස්වල්පයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Share This