තෙල් මිල තීරණය කරන්න සිනොපෙක් ඉල්ලීමක් කර නෑ

තෙල් මිල තීරණය කරන්න සිනොපෙක් ඉල්ලීමක් කර නෑ

ඉන්ධන මිල තීරණය කිරීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යයක් නොවන බවත්, සිනොපෙක් ආයතනය විසින් ඛනිජ තෙල් මිල තීරණය කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් සංස්ථාවෙන් කර නොමැති බවත් එම සංස්ථාව පවසයි.

ඉන්ධන මිල තීරණය කිරීම බලශක්ති අමාත්‍යාංශයෙන් සිදු කරන කටයුත්තක් යැයිද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඛණිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඉන්ධන ආනයනය සඳහා වැය වන නැව් ගාස්තු, රක්‍ෂණ ගාස්තු, රජය සතු බදු ඇතුළු සියලුම වියදම් පදනම් කර ගනිමින් එයට යම් ලාභාංශයක් එකතු කර, ඒ අනුව මිල ගලපා මුදල් අමාත්‍යාංශය විසින් බලශක්ති අමාත්‍යාංශය වෙත ලබාදෙන ඉන්ධන මිල සංස්ථාවේ මිල ලෙස තීරණය කරන බවද සඳහන් වේ.