ඩොක්ටර් ෂාෆි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ප්‍රධාන වෛද්‍යවරයා ලෙස  යළි වැඩ අරඹයි

ඩොක්ටර් ෂාෆි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ප්‍රධාන වෛද්‍යවරයා ලෙස යළි වැඩ අරඹයි

වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස නැවත ඊයේ (30) සේවයට වාර්තා කළේය.

කාන්තාවන් සිය ගණනකට වඳසැත්කම් සිදුකළ බවට පැවති චෝදනාවක් මත පරික්ෂණ ආරම්භ කර එම පරික්ෂණ නිමවන තෙක් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවිමට සෞඛය බලධාරීන් කටයුතු කර තිබුණා.

මේ අනුව මෙම පරික්ෂණය රාජ්‍යසේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුව මගින් ක්‍රියාත්ම කළ අතර එම පරික්ෂණයේදී වෛද්‍ය ෂාෆිව සියලුම චෝදනාවන්ගෙන් නිදහස් කළ බව කමිටුව මගින් පසුගියදා සෞඛ්‍ය ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබුණි.

ඒ අනුව රාජ්‍යසේවා කොමිසම වෛද්‍යවරුන්ගේ පත්විම් සම්බන්ධයෙන් පෙනී සිටින බලධරයා ලෙස පවසා තිබුණේ වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ව නැවත ඔහු සේවන කළ කුරුණෑගල රෝහල වෙත අනුයුක්ත කරන ලෙසය.

ඒ අනුව වෛද්‍ය ෂාෆි ඊයේ (30) කුරුණෑග රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස නැවත සේවයට එක්විය.

මේ අතර වඳසැත්කමට භාජනය වූ පව පවසන කාන්තාවන් පිරිසක් පසුගියදා අධිකරණයේ පවරූ නඩු සම්බන්ධයෙන් නීතිමය කටයුතුද සිදුකෙරුණි.

මේ අතර වෛද්‍ය ෂාෆි සඳහන් කරනුයේ පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් තමා කිසිවෙකුත් සමග අමනාප නොමැති බවයි.

Share This