web hit counter
පකිස්තානයට කඩුලු 06ක ජයක්

පකිස්තානයට කඩුලු 06ක ජයක්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යාමට හිමි වාර්තාව තම රට ඉදිරියේදී තබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 9ට ලකුණු 344ක් රැස්කිරීමට සමත්විය.

එම ඉලක්කය පන්දුවාර 48.2කදී කඩුලු දෙකක් පමණක් වැය කර පසු කර යාමට පාකිස්තානය සමත්විය.

මෙහිදී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 131ක් රැස්කළ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබිය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශාෆික්ද  ද ශතකයක් රැස්කළේය. මේ අනුව එක්දින ලෝක කුසලාන තරගවලදී ශ්‍රී ලංකාවට එරෙහිව පවත්වාගෙන යන අපරාජිත ගමන තවදුරටත් ආරක්ෂා කර ගැනිමට පාකිස්තානය සමත්විය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )