අගමැති නිල සංචාරයක් සඳහා තායිලන්තයට

අගමැති නිල සංචාරයක් සඳහා තායිලන්තයට

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සමඟ තව දූත පිරිස 11 දෙනකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 402 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ “සක් සුරින්” නැමැති ඇතා, විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතය.

Share This