දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:47 pm – 3:20 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන්ද බහුල වේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දුරස්ථ වූ ඥාති සබඳතා වර්ධනය වෙයි. විනෝදජනක ක්‍රියාවන් ද ගමන් ද යෙදෙන දිනකි. කාස ස්වාස ඌෂ්ණාධික රෝගවලට හේතුයි.

Date: 2023-08-17

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුලවේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. රාජකාරිවලදී මතවාද ඇතිවන ක්‍රියාවනට හේතු බැවින් බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු අමතර ලාභ ගෙන දෙන දිනකි. ස්නායුගත රෝග නහර වේදනා ඇතිවේ.

Date: 2023-08-17

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

රාජකාරිවල ප්‍රබෝධමත්ව නිරත වෙයි. අසල්වැසි සබඳතා ඇති වෙයි. ගමන් බිමන් තරමක් වර්ධනය වෙයි. ලිපි ලේඛන ආදියෙන් ජය දෙන අතර ප්‍රීති සාද උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මුත්‍රා ආසාදන උෂ්ණ රෝග ආදියට හේතුයි.

Date: 2023-08-17

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. වැදගතුන් උගතුන් සමග සබඳතා ඇතිවෙයි. රාජකාරිවලදී කැපී පෙනේ. හදිසි ලාභ දෙයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-08-17

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරකම් බහුල වෙයි. ගමන් බිමන් ද අධික වන අතර බලාපොරොත්තු රහිත ලෙස මිල මුදල් වැයවේ. ආගමික වතාවත් චාරිත්‍රවල යෙදෙන අතර අමතර ලාභ ද ගෙන දෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුකරයි.

Date: 2023-08-17

ජය අංකය: 02
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ගමන් බිමන් අධික වෙයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. සභාවේ දිනයි. මිතුදම් වර්ධනය වෙයි. අමතර ලාභ ලැබීම් ඇතිවන දිනකි. ආමාශගත රෝග මූල රෝග මතුවේ.

Date: 2023-08-17

ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ක්‍රියාකාරකම් බහුල වීමෙන් කලබලකාරී වාතාවරණයක් මතු කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදෙන අතර මිල මුදල් වැය වෙයි. දහමට අවතීරණව ක්‍රියාකරයි. සෙම් රෝග මතු කරයි.

Date: 2023-08-17

ජය අංකය: 04
ශුභ වර්ණය: ලා රෝස
Qries

වෘශ්චික

තරමක් අවිවේකී දිනකි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවන අතර ආගමික පුද පූජා ආදියෙහි ද යෙදේ. පොදු සේවා ක්‍රියාකාරකම්වල ද යෙදෙන අතර වැයපස ඉහළයි. හෘද ආශ්‍රිත රෝග වාත රෝග මතුවේ.

Date: 2023-08-17

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභවාදී ඵල ගෙන දෙයි. ප්‍රීති උත්සව යෙදේ. දුර ගමන්වලට හේතුයි. නවක මිතුදම් මතුකරයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. මිල මුදල් වැයවන දිනකි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-08-17

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. වැයපස අධික දිනකි. තරමක් ණයතුරුස් වීමට ඉඩ තිබේ. රැකියා ස්ථානවල සතුරු බලපෑම් එල්ල වෙයි. සිතුවිලි චංචල වෙයි. සෙම් රෝග වලට හේතුයි.

Date: 2023-08-17

ජය අංකය: 04
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල මතුකරයි. දුර ගමන් යෙදේ. විනෝදජනක කටයුතුවල ද යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තරමක් ණයතුරුස්වීමට ඉඩ තිබේ. රැකියාවේ උසස් වීමකට හේතුයි. ආමාශගත රෝග මතුවෙයි.

Date: 2023-08-17

ජය අංකය: 06
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. ප්‍රබෝධමත්ව රාජකාරිවල යෙදේ. ප්‍රීති උත්සව සුහද හමුවීම් වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් මතු කරයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් රෝග සාදයි.

Date: 2023-08-17

ජය අංකය: 09
ශුභ වර්ණය: තද කහ
Share This