IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක අද දිවයිනට

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක අද දිවයිනට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔහු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම ඔහු කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණ චාරිකාවක ද නිරත වනු ඇති.

ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, අනාගතයේදී ආර්ථිකය සවිබල ගැන්වීමේ අවස්ථා ,බාධා සහ ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා වට කිහිපයකට ඔහු සහභාගී වීමට නියමිත බවයි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

Share This