
සෙව්වන්දි මිලදී ගත් සිම්පතක් ගැන අනාවරණයක්
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීවගේ ඝාතනයෙන් පසු මේ වන විට අතුරුදන්ව සිටින කාන්තාව වෙඩි තැබීම සිදු වූ දිනට පෙර කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
මෙම කාන්තාව සහ වෙඩික්කරු වෙඩි තැබීම සිදුකළ පසුගිය 19 වැනිදාට පෙර දිනයේදී ලැගුම්ගෙන සිට ඇත්තේ වැලිවිට ප්‍රදේශයේ හෝටලයක් තුළයි.
එහි සිටියදී වෙළෙඳසැල වෙත පැමිණි කාන්තාව ඇගේ නමට මෙම සිම්පත මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව, අපරාධය සිදු කිරීම සඳහා සන්නිවේදන කටයුතු සිදුකිරීම සදහා මෙම සිම්පත උපයෝගි කරගන්නට ඇති බවට සැකකරන පොලිසිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.