
කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවකට ප්‍රහාරයක්
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට අද (08) අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.
කඩු සහ පොලු මුගුරු රැගත් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම සමාජ ශාලාවේ දේපළ වලට හානි සිදු කර ඇති බවයි, පොලිසිය සදහන් කළේ.
එමෙන්ම ඔවුන් එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති ද විනාශ කර එහි උපාංග ද ගලවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහර දුන් සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට සදහා විමර්ශන ක්‍රියාත්මකයි.