දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 07 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 07 වන සිකුරාදා

Qries

මේෂ රාජකාරි ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. ඍජු මනසින් දවස ක්‍රියා කිරීමේ ශක්තිය ඇතිවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත උත්සව සාද වැනි දේවල්වලට සහභාගි වීමට සිදුවේ. මුඛ රෝග, නේත්‍ර රෝග මතු කරයි.

Date: 2025-03-07

ජය අංකය: 05

ශුභ වර්ණය: රතු

Qries

වෘෂභ තරමක් රාජකාරි බහුලවීමෙන් අවිවේකය දෙයි. නමුත් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියා ආදියහි ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සෙම් රෝග, කාය රෝග මතු කරවයි.

Date: 2025-03-07

ජය අංකය: 02

ශුභ වර්ණය: තැඹිලි

Qries

මිථුන නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම ව්‍යාපාර ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි. ලාභ ලැබීම් අතර පැහැදිලි දියුණුවක් ඇතිවෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. මුත්‍රා ආසාදන, අර්ශස් වැනි රෝග දේ.

Date: 2025-03-07

ජය අංකය: 06

ශුභ වර්ණය: කොළ

Qries

කටක ක්‍රියාශීලී දිනකි. මංගල සභා, උත්සව සභා යෙදේ. අලංකාරය සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව තිබූ ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ලැබීම් ද ඇති වෙයි. සිරසගත රෝග, උගුරේ අමාරු මතුවේ.

Date: 2025-03-07

ජය අංකය: 04

ශුභ වර්ණය: රෝස

Qries

සිංහ ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. සෙම් රෝග, පෙණහලු රෝග මතුවේ.

Date: 2025-03-07

ජය අංකය: 01

ශුභ වර්ණය: නිල්

Qries

කන්‍යා ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ක්‍රියාකාරකම් සඳහා මඟපෙන්වීම්, උපදෙස් ලබාදීම වැනි දේට හේතුයි. ප්‍රීති සාද, විනෝදජනක ක්‍රියා වැනි දේවලට හේතුයි. හදිසි ලාභ ද ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝගාදියට හේතුයි.

Date: 2025-03-07

ජය අංකය: 03

ශුභ වර්ණය: රන්වන්

Qries

තුලා ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිෂ්ඵල දේ යෙදේ. බුද්ධිමත්වීම මැනවි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් තම අරමුණු ජයගනී. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2025-03-07

ජය අංකය: 07

ශුභ වර්ණය: ළා කහ

Qries

වෘශ්චික තම මතයට ක්‍රියාකරයි. රැවටිලිකරුවන් නිසා හසුවීමට ඉඩ තිබේ. මංගල සාද යෙදේ. විදෙස් ගමන් සඳහා ක්‍රියාකිරීමට ශුභ දිනකි. භූමි ලාභ ගෙන දෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2025-03-07

ජය අංකය: 09

ශුභ වර්ණය: ළා රතු

Qries

ධනු තනි තීරණ මත ක්‍රියා කිරීමෙන් බාධා ඉස්මතු වෙයි. පොදු සේවා කටයුතු, ප්‍රීති උත්සව, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. අනවශ්‍ය ලෙස වියපැහැදම් ඇතිවන අතර ණයතුරුස්වලට හේතු දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.

Date: 2025-03-07

ජය අංකය: 01

ශුභ වර්ණය: තද කහ

Qries

මකර ක්‍රියාශීලී දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. රාජකාරි ස්ථානවල පැවැති සතුරන් දමනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. තරමක් වැයපස ඉහළයි. කොන්දේ අමාරු, වාත රෝග යෙදෙයි.

Date: 2025-03-07

ජය අංකය: 08

ශුභ වර්ණය: තද දුඹුරු

Qries

කුම්භ නැණ ගුණයෙන් ක්‍රියා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදේ. අලංකාරය සඳහා වැයපස ද ඉහළ යයි. දහමට ද ළැදිව ක්‍රියා කරයි. මහජන ප්‍රසාදයට ලක්වෙයි. හදිසි ධන ලාභ ලබයි. ස්නායුගත රෝග මතු කරයි.

Date: 2025-03-07

ජය අංකය: 05

ශුභ වර්ණය: නිල්

Qries

මීන අවිවේකී ගති ඇති කරයි. රාජකාරි බහුල වෙයි. ලිපි ලේඛනවලින් ජයදෙන දිනකි. සිත් චංචල කරවන ප්‍රශ්න ද මතු කරයි. ඉඩකඩම් මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා එල්ලවේ. සෙම් කෝප රෝග මතුවේ.

Date: 2025-03-07

ජය අංකය: 09

ශුභ වර්ණය: දම්