
මල්ලි ඝාතනය කර අයියා පලා ගිහින්
ඇලපාත, අළුපත්ගල ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (7) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි,පොලීසිය පවසන්නේ.
මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
කෙසේ නමුත් මෙම ඝාතනය සිදුකරනු ලැබූ සැකකාර වැඩිමහල් සොහොයුරා මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්‍රකාශයක් ලබා දී ඇති බවද පොලීසිය පවසනවා.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.