සීතා දේවී බාළිකාවෝ ලෝකයෙන්ම දෙවැනි තැනට

සීතා දේවී බාළිකාවෝ ලෝකයෙන්ම දෙවැනි තැනට

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ පසුගිය 12 වැනිදා සිට 18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි.

මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 63 ක බටහිර තූර්ය වාදක කණ්ඩායම් 110 ක් සහභාගී වී සිටියහ.

සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් 26 දෙනෙකු සහ ගුරු භවතුන් 03 දෙනෙකු මෙම තරගාවලිය සදහා සහභාගී වීමට තායිලන්තය වෙත ගොස් සිටියහ.

මෙම ජයග්‍රහණය රැගත් මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් ඊයේ රාත්‍රී තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 140 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහ එම සිසුවියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.