ආනයනය කළ බිත්තර ලබාගත හැකි ස්ථාන

ආනයනය කළ බිත්තර ලබාගත හැකි ස්ථාන

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට හෙට (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගත හැකි බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බව සභාපතිවරයා පැවසුවේය.

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 150ක තොගය මේ වන විට තත්ත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ත්ව පරීක්‍ෂණය සමත් වූ වහාම බිත්තර, සතොසට සහ තෝරා ගත් සුපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

Share This