වීසා ගැටලුවට කටුනායකදී කෑ ගැසූ පුද්ගලයා පොලිසියට කැඳවයි

වීසා ගැටලුවට කටුනායකදී කෑ ගැසූ පුද්ගලයා පොලිසියට කැඳවයි

පසුගිය පලවෙනිදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරී ලෙස හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.

නීතිඥවරයෙක් වන සඳරුවන් කුමාරසිංහ නැමති ඔහු අද උදෑසන 10ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ මේ වනවිටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව පැවසේ.

කෙසේ වෙතත් ඔහු පොලීසියට පැමිණි අවස්ථාවේ තවත් නීතිඥවරු පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ.

එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද වාර්තා වෙනවා.

Share This