බිත්තර මිල බසන්න ඇමතිගෙන් දින දෙකක් – මිල අඩු නොකලොත් අප්‍රේල් දක්වා රට බිත්තර

බිත්තර මිල බසන්න ඇමතිගෙන් දින දෙකක් – මිල අඩු නොකලොත් අප්‍රේල් දක්වා රට බිත්තර

ඉදිරි දින දෙක, තුන ඇතුළත බිත්තර මිල අඩු කිරීමට කටයුතු නොකළහොත් ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයන කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

බිත්තර නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

බිත්තර මිල අඩු කරන ලෙස එහිදී අමාත්‍යවරයා කළ ඉල්ලීම නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව හැකි ඉක්මණින් බිත්තර ආනයන නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

බිත්තරයක මිල රුපියල් 55 ට වඩා අඩු කළ නොහැකි බව එහිදී බිත්තර ව්‍යාපාරිකයන් පවසා තිබේ.

Share This