ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගාස්තුව ඉහළට

ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගාස්තුව ඉහළට

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීමේදී අය කරන ලද ගාස්තුව ඉහළ නැංවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා වන නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටයි එම අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ යනු ඇති.

නව ගැසට් පත්‍රය මඟින් අහෝසි කෙරෙන්නේ, 2016 වසරේ දී නිකුත් කළ ගැසට් පත්‍රයයි.

මීට පෙර අදාළ කාර්යය සඳහා අය කරනු ලැබුවේ රුපියල් 150ක මුදලක්.

මේ අතර ලබන ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි, මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.