රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කළ ලාංකිකයාගේ දේහය දිවයිනවට

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කළ ලාංකිකයාගේ දේහය දිවයිනවට

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුර ඊයේ (26) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

ඕමානය සහ ඊජිප්තුව අතර මුහුදු ප්‍රදේශයේ ගමන් ගන්නා නෞකාවන් වෙත ආරක්ෂාව සැපයීම සදහා ශ්‍රී ලංකාවේ රක්නා ලංකා ආයතනය වෙනුවෙන් සේවය කිරීම සදහා මොහු පිටත්ව ගොස් තිබුණි .

පී.ජී.පුෂ්පකුමාර නැමැති මොහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙකි.

මොහු මුහුදු ආරක්ෂක සේවය සදහා යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන පරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව, දහවල් ආහාරය ගෙන නිදා සිටියදී මෙම මරණය සිදු වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර, නීත්‍යානුකූලව ඉන් ඉවත් වීමෙන් පසුව මොහු රක්නා ලංකා ආයතනය වෙත එක් වී මේ වනවිට වසර හතර හමාරක සේවා කාළයක් ද සපුරා තිබුණි.

මොහු ඉකුත් 10වන දින මිය ගොස් තිබූ අතර, මොහුගේ මළසිරුර දින 15 ක පමණ කාළයක් ඕමාන වරායේ රදවා තබා ගෙන තිබුණි.

ඉන්පසුව ඊයේ (26) සවස 04.20 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 654 දරන ගුවන් යානයෙන් මෙම මළසිරුර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම මළසිරුර භාර ගැනීමට පැමිණි ඥාතීන් පිරිස, මෙම මරණය සැක සහිත බව, කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා, මෙම මළසිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

Share This