මව රට – පියා සිරගෙදර – දරු තිදෙනා වනයක් මැද කටුමැටි ගැසූ ගෙදරක

මව රට – පියා සිරගෙදර – දරු තිදෙනා වනයක් මැද කටුමැටි ගැසූ ගෙදරක

මව විදෙස් ගත වීමත් පියා සිරගත වීමත් නිසා බාලවයස් කාර දරුවන් තිදෙනකු මහ වන මැද කටුමැටි ගැසූ නිවෙසක තට්ට තනියම ජිවත්වන ශෝක ජනක පුවතක් කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ අනාරක්ෂිතව ජීවත්වන්නේ වයස අවුරුදු 14 ක් 05ක් සහ 07 ක් යන වයස්වල දරුවන්ට තිදෙනෙකි.

මෙම දරුවන් මව ඊ .පි .වාසනා ප්‍රනාන්දු මීට මාස කිහිපයකට ඉහතදී අගහිග කම් නිසාම කුවේට් රාජ්‍යයේ ගෘහ ගිබ බව දරුවෝ පවසති.

එහෙත් ඇයට මෙතෙක් රැකියා අවස්ථාවක් ලැබී නැත.

මෙම දරුවන්ගේ පියා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්ව සිටියි.

වයස අවුරුදු 14ක් අයියා කොහුබත් වෙලන ආයතනයක සේවයට ගොස් ලැබෙන මුදලින් තම සහෝදරයන් දෙදෙනා ජිවත් කරවයි

මේ වන විටත් දරුවන්ගේ අධ්‍යාපනයට ද කණ කොකා හඬා තිබේ. ගේ පුරා මේ දිනවල වැස්සට තෙමෙයි වැස්ස නිසා කොහු බත් වීයළීමේ රස්සාවද මෙම දරුවාට අහිමි වී ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.

නිවෙස ආසන්නයේ පදිංචි වී සිටින ඥාතීන්ගේ සහයෝගයෙන් වේලක් හැර වේලක් තියෙන දෙයකින් කුස පුරවා ගනියි.

කුවේට් කාමරයකට කොටුවී සිටින මෙම දරුවන්ගේ මව කියා සිටියේ මෙවැන්නකි.

කුරුණෑගල ප්‍රදේශීයේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක් හරහා රැකියාවක් ලබා පොරොන්දුවෙන් කුවේට් රාජ්‍යයට ඇවිත් මාස කිහිපයක් ගතවෙනවා.

රැකියාව දෙන බව කියූ නිවසේ හිමිකරුවන් තමන්ව ප්‍රතික්ෂේප කළා රැකියාවක් සොයා දෙන තුරු කුවේට් රාජ්‍යයේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක කාමරයක දමා සිටින බව ඇය පවසීය.

තම දරුවන් පාසල් ගමන ද අහිමි වී කුසගින්නේ තනිවම මහා වන මැද වන අලින් ගෙන් බේරී ජීවත්වන නිසා කුමන හෝ ක්‍රමයකින් තමන් ලංකාවට ගෙන්වා දෙන්නැයි ඇය හැඬූ කඳුළින් පවසයි.

ගිරිබාව සහකාර ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්යෙන් ප්‍රාදේශීය ලේකම්කාර්යාල දැනුවත් නොමැති බව හා ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයාවත් දැනුවත් ව නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙළි කර දීම ගැන මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. මෙම කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට ග්‍රාමනිලධාරියා සමග කණ්ඩායමක් එම නිවෙසට අදම පිටත් කර හරින බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.