විවාහ මංගල්‍යට ලෑස්ති වෙමින් සිටි මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්

විවාහ මංගල්‍යට ලෑස්ති වෙමින් සිටි මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සුදානම් වෙමින් සිටි මනාලියකට එල්ල කල ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් ඇය බරපතල තුවාල මාතර මහ රෝහලට ඇතුලත් කර තිබේ.

වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති අතර අද අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවයි, වැලිගම පොලීසිය පැවසුවේ.

ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබේ.

එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇති බවයි, පොලීසිය පැවසුවේ.

අපරාධකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කඩිනමින් පියවර ගන්නා බව වැලිගම පොලීසිය වැඩිදුරටත් පැවසීය.