මවට කරදරයි කියා ආච්චිව ගෙල කපා ඝාතනය කරලා

මවට කරදරයි කියා ආච්චිව ගෙල කපා ඝාතනය කරලා

57 හැවිරිදි මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයට දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුරලිය හැඩිගල්ල ජනපදය බොල්ලුන්න ලිපිනයේ පදිංචි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තාවකි.

ඝාතනයට ලක්වූ කාන්තාව රෝගීව සිටින තැනැත්තියක් වන අතර රෝහල් ගතව සිට නිවසට පැමිණ තිබූ බවත් ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Share This