සියලුම පාසල් වල අගෝස්තු නිවාඩුව අද සිට

සියලුම පාසල් වල අගෝස්තු නිවාඩුව අද සිට

රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වල අගෝස්තු නිවාඩුව අද ආරම්භ වනවා.

අගෝස්තු 28 වනදා පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

2023 වසර සඳහා වන දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඔක්තොම්බර් 27 දක්වා පැවැත්වෙනවා.

තුන්වන පාසල් වාරය ඔක්තෝබර් මස 30 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නැවත වරක් පාසල් වසා තබන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.

තෙවන වාරයේ අවසන් අදියර සඳහා 2024 ජනවාරි 01 වන දින පාසල් නැවත විවෘත කෙරෙනු ඇති.

2023 අධ්‍යයන වර්ෂය සඳහා වන තුන්වන පාසල් වාරය 2024 පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වෙනවා.

Share This