තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක්

තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක්

සාලියවැව, තබ්බෝව රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාලියවැව පොලිසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, යුද හමුදාව සහ කරුවලගස්වැව අඩවි වන කාර්යයාලයේ නිලධාරීන්ගේ ද සහාය ද ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් අක්කර 50 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි සාලියවැව පොලිසිය සඳහන් කළේ.