නිල්වලා ගඟ දෙපස ජනතාවට දැනුම් දීමක්

නිල්වලා ගඟ දෙපස ජනතාවට දැනුම් දීමක්

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වල විශාල ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අවට පදිංචි ජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි, එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ

මේ හේතුවෙන් මාතර, තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, මාලිම්බඩ සහ අතුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු කියා සිටියි.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස නගරය තවදුරටත් ජලයෙන් යට වී පවතී. ඒ අවට පහත්බිම් හා නිවාස ජලයෙන් යටවී තිබෙන අතර මේ වනවිට දෛනික ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබේ.

අකුරැස්ස බටගොඩ, අතුරලිය, පරදූව වැනි ප්‍රදේශවලත් තවමත් ජලය රැඳී පවති.

Share This