කළුතර සිසුවිය හෝටලයට එක්ක යන්න කලින් ගේ ළඟට කාර් එකකින් ගිහින් සිසුවිය ‌ලස්සනද බලලා! පළමුවරට ඡායාරූප එළියට එයි!

කළුතර සිසුවිය හෝටලයට එක්ක යන්න කලින් ගේ ළඟට කාර් එකකින් ගිහින් සිසුවිය ‌ලස්සනද බලලා! පළමුවරට ඡායාරූප එළියට එයි!

"කැත වැඩ කරන්න එපා, සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියල ටිහාරා ජනේලෙන් එළියට පැන්නා"

“දෙන්න කාමරේ එකට හිටියා. කැමැත්තෙනුයි හිටියේ. ටික වේලාවකට පස්සේ එයාට කෝල් එකක් ආවා. ඒත් එක්කම එයා කෑගහන්න ගත්තා, කැත වැඩ කරන්න එපා, සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියල. ඒත් එක්කම එයා ජනේලේ ගාව තිබ්බ පුටුවට නැඟල ජනේලෙන් එළියට පැන්නා“ යැයි ආන්දෝලනයට තුඩු දුන් කළුතර 16 සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

ටිහාරා නිර්මානි නමැති මෙම සිසුවියව හෝටලයට රැගෙනවිත් ඇත්තේද සැලසුම්සහගතව බවත් මෙදින දහවල් කාලයේදී මෙම ප්‍රධාන සැකකරුත් ඔහුගේ මිතුරා වන ඉෂාත් තිසුර ද සිල්වාත් ඇය පදිංචිව සිටින කළුතර නාගොඩ පිහිටි නිවෙස අසලට ගොස් ඇයගේ හැඩරුව බලා තමාට ගැළපේ දැයි පරීක්ෂා කර තිබෙන බවත් පොලිසිය කියයි.

“මෙම ප්‍රධාන සැකකරුගේ මිතුරා 16 හැවිරිදි සිසුවියගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින පබාරා කියන 19 හැවිරිදි සිසුවියක් සමඟ පෙම් සම්බන්ධකමක් පවත්වනවා. ඇය සිසුවියක් කීවට පාසල් යන්නේ නම් නැහැ. මේ ජෝඩුව හෝටල් ගානේ යන බවත් විමර්ශනවලින් අනාවරණය වුණා. පසුගිය 06 වැනිදා මේ ජෝඩුව මුණ ගැහෙන්න තීරණය කරල තියෙනවා. එදා 19 යේ ගෑනු ළමයගේ පෙම්වතා ප්‍රධාන සැකකරුට පවසා තිබෙනවා හොඳ කෑල්ලක් ඉන්නවා කැමති නම් ඒකිවත් අරන් යමු කියලා. ප්‍රධාන සැකකරු පවසන විදිහට ඔහු එකවරම ඊට කැමති වෙලා නැහැ. ඇයව බලන්න ඕනේ කියලා. ඒ අනුව තමයි යාළුවෝ දෙන්නා කාර් එකකින් ඇවිල්ල ඒ ගෑනු ළමයව බලල ගිහින් තියෙන්නේ. ඒ දෙන්න ඇවිත් තියෙන්නේ 19 ගෑනු ළමයාගේ ගෙදරට. 16 ගෑනු ළමයාව එයාගේ ගෙදරින් පිටතට එක්කරගෙන ඇවිත් ප්‍රධාන සැකකරුට පෙන්නල තියෙන්නේ 19 ගෑනු ළමයයි“ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

16 හැවිරිදි සිසුවිය කළුතර හෝටලයට ගොස් ඇත්තේ සිය කැමැත්තෙන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවද පොලිසිය කියයි.

“වැඩි වයසක් ඇති අයිඩෙන්ඩිකාඩ් එකක් 16 සිසුවියගේ බව කියා හෝටලයට පෙන්නල තියෙන්නේ 19 ගෑනු ළමයයි“ යැයිද එම නිලධාරියා පැවසීය.

ඔවුන් හෝටලයේ පස්වැනි මහලේ කාමරයක් වෙන් කරගෙන එහි සිට මත්පැන් පානය කිරීමෙන් පසු 19 සිසුවියත් රැගෙන ඇගේ පෙම්වතා වෙනත් කාමරයකට ගොස් ඇති බව පොලිසිය කියයි. 16 සිසුවිය එහිදී ප්‍රධාන සැකකරු සමඟ ඔවුන් මත්පැන් පානය කරමින් සිටි කාමරයේම රැඳී සිට ඇති බව පොලිසිය කියයි. එහිදී දෙදෙනා කැමැත්තෙන් කාමරයේ සිට ඇතත් ප්‍රධාන සැකකරු අතින් ඇය දූෂණය වී නැති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව පොලිසිය කියයි. ඒ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙන්ම ඇගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇති බවද පොලිසිය කියයි. එහෙත් ඇය එදින දූෂණය වී නැතත් ඊට පෙර දූෂණය වී ඇති බව ද එම පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඇය සමඟ සමීපව ඔහුට සිටීමට අවශ්‍යතාවත් තිබුණත් ඊට ඔහුට හැකියාවක් නැති බවය. ඒ යම් දුබලතාවකින් මේ වන විට ඔහු පෙළෙන නිසා බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. ඒ බව ඔහු ඇය සමඟ රැඳී සිටි කාමරයේ ඇඳ ඇතිරිලි පරීක්ෂා කිරීමේදී අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

සැකකරු පවසා ඇත්තේ දෙදෙනා කාමරයේ එකිනෙකා සිප වැලඳගෙන සිටියා පමණක් බවත් ඊට එහා යමක් සිදු නොවූ බවත්ය. දෙදෙනා එසේ මඳ වේලාවක් සිට පසුව නැවතත් මත්පැන් පානය කළ බවද ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇය සමඟ එකට ඉන්නට උත්සාහයක් ගත්තත් එය ද අසාර්ථක වුවත් ඇයට දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ඒ අතරතුර බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බව පොලිසිය කියයි.

ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති මෙම ප්‍රධාන සැකකරුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (09) අලුයමය. ඒ හික්කඩුව ප්‍රදේශයේදී බව පොලිසිය කියයි.

29 හැවිරිදි මෙම සැකකරු කළුතර, පළාතොට, ඉසුරු උයනේ හමුදා නිලධාරියකුට අයත් නිවෙසක කුලී පදනම මත නවාතැන්ගෙන සිට ඇත.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර අපරාධ අංශ නිලධාරීන් තිදෙනකු ගාල්ල ප්‍රදේශයේදී ඊයේ අලුයම වැටලීම කර ඇතැයි පැවසේ.

සැකකරු කුලී ගෙවීමේ පදනම මත මෝටර් රථයක් ගැනීමට සූදානම් වීමේදී පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතා උපාය දූතයකු යොදා මෝටර් රථයක් කුලියට දී තිබේ. එම මෝටර් රථයෙන් සැකකරු ගාල්ල දෙසට යමින් සිටියදී හික්කඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වාහනය නවතා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය. සැකකරු බෝට්ටුවකින් රටින් පලා යෑමේ සූදානමක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සීසර්වරයකු වන මෙම සැකකරු විවාහ දෙකක් සිදු කරගෙන සිටින බවත් පෙර කසාදයේ දරුවන් දෙදෙනකු සිටින බවත් දෙවන කසාදයේ බිරිය සමඟ කළුතර, පළාතොට, ඉසුරු උයන ප්‍රදේශයේ හමුදා නිලධාරියාට අයත් කුලි නිවෙසේ පදිංචිව සිටින බවත් පොලිසිය කීය.

පාසල් සිසුවිය ජනේලයෙන් පැනීමෙන් පසු තමා හෝටලයෙන් පිටතට පැමිණි බවත් ඉක්මනින් වරෙන් කරදරක් කියා මිතුරාට දුරකතන ඇමතුමක් දී ගෙන්වාගත් බවත් ප්‍රධාන සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ කළුතර දකුණ පොලිස් ස්ථානයට රැගෙන ආ අතර, අපරාධ අංශය තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද සඳහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා සහ කොස්තාපල්වරුන් වන ප්‍රභාත් (82859) සහ මලින්ද (104023) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

Share This