පුත්තලමේ පාසල් වලට හෙට සහ අනිද්දාත් නිවාඩු

පුත්තලමේ පාසල් වලට හෙට සහ අනිද්දාත් නිවාඩු

පවතින අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට දැනුම් දී තිබේ.

ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් විශාල සංඛ්‍යාවක් මේ වන විට ජලයෙන් යටවී ඇති අතර ගම්මාන 100 ක් පමණ ජලයෙන් යටවීම නිසා දරුවන්ට පාසල් වෙත පැමිණීමට නොහැකි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්වය නිසා පාසල් දින දෙකක් වසා දැමීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.