ආගමික අසමගිය ඇති කරන අයට එරෙහිව නීතිය දැඩිව

ආගමික අසමගිය ඇති කරන අයට එරෙහිව නීතිය දැඩිව

යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් ආගමික අසමගිය ඇති කිරීමට උත්සහ කරන්නේ නම් එවැනි පාර්ශ්වයන්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත විවිධ කොටස් පිළිබඳව අවධානය යොමුකරමින් කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පිහිටි තම අමාත්‍යාංශ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන්ම පසුගිය කාලයේ උග්‍ර ලෙස අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවයි.

යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය291 (අ), (ආ)අනුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ පැවසීය.