කාබයිට් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මරුට

කාබයිට් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මරුට

කිරිබත්ගොඩ, හුණුපිටිය, ගැමුණු මාවතේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවය කළ පුද්ගලයෙකු එහි තිබූ කාබයිට්
ටැංකිය පුපුරා යාමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 45ක් වූ දේවාලගම, දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (08) පෙරවරු 11:50ට පමණ මෙම පුද්ගලයා විසින් කාබයිඩ් ටැංකිය ක්‍රියා විරහිතව පවතින බැවින් එය පරීක්ෂා කර තිබේ.

එම අවස්ථාවේදී කාබයිඩ් ටැංකිය පුපුරා යාමෙන් ඔහු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කිරිබත්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This