ගුරු නිල නිවසට පාසල් සිසුවියක් ගෙන්වා ගත් සිද්ධියකට ගුරුවරයෙක් අත්අඩංගුවට

ගුරු නිල නිවසට පාසල් සිසුවියක් ගෙන්වා ගත් සිද්ධියකට ගුරුවරයෙක් අත්අඩංගුවට

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ඊයේ (27) පස්වරුවේ සැකපිට ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ගුරුවරයා රැදි සිටින පාසලේ ගුරු නිල නිවසට එම ප්‍රදේශයේම වෙනත් පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් ගෙන්වා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත ගුරුවරයා ගිනිගත්හේන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා දැනට සේවය කරන පාසලට පැමිණිමට ප්‍රථම පාසල් සිසුවිය දැනට අධ්‍යාපනය ලබන පාසලේම වසර කිහිපයක් සේවය කර ඇති බවත්, පාසලේ ගුරු නිල නිවසට තමන් ගියේ බාහිර පන්තිය ප්‍රමාද වී ඊයේ දින ආරම්භ වූ නිසා බව එම සිසුවිය විසින් ගිනිගත්හේන පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත.

තවද තමන් ගුරු නිල නිවසට ගියද තමන්ට කිසිදු හිරිහැරයක් ගුරුවරයාගෙන් සිදු නොවු බවට එම පාසල් දැරිය විසින් පොලිසියට වැඩිදුරටත් පවසා ඇත.

පාසල් දැරියව වෛද්‍ය පරික්ෂණයක් සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

Share This