දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අදින් ඇරඹෙයි

දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අදින් ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අදින් (28) ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ජූලි 24 වැනිදා ආරම්භ වූ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය අගෝස්තු මස 16 වැනිදා අවසන් විය.

කෙසේවෙතත් මහනුවර නගර සීමාවේ රජයේ පාසල් අද සිට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමග නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් අද (28) හෙට (29) සහ ලබන 31 වැනිදා පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව සඳහන්.