මනුෂ්‍ය ඝාතනයකට පැමිණෙමින් සිටි 4 ක් කොට්ටාවේදී කොටුවෙයි

මනුෂ්‍ය ඝාතනයකට පැමිණෙමින් සිටි 4 ක් කොට්ටාවේදී කොටුවෙයි

ඩුබායිහී සිටින පාතාල නායකයකුගේ දැනුම්දීම මත මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණෙමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසලදී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ හෙරොයින් මිල ග්‍රෑම් පනහකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත.

කොස්ගොඩ සුජී නමැත්තාගේ ළඟම ඥාතියකු ඉලක්ක කර ගනිමින් මීගොඩ ප්‍රදේශය බලා යමින් සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එකිනෙකා කිසිවෙකු නොහඳුනන බවත් ඩුබායිහි සිටින පාතාල නායකයාගේ දැනුම්දීම මත සැකකරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු විසින් අදාල පුද්ගලයන් එක් එක් ස්ථානවලින් වාහනයට නංවාගෙන ඇති බවද පොලිසිය පවසයි.

අදාළ ඝාතනය සිදුකිරීමෙන් පසු ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් මංකොල්ලකෑම සඳහාද සැකකරුවන්ගේ සැලසුමක් තිබී ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

Share This