අක්‍රීය වූ චන්ද්‍රිකාවක් ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටෙයි

අක්‍රීය වූ චන්ද්‍රිකාවක් ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටෙයි

පෘථිවි කක්ෂයේ රඳවා තිබූ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිත බව යුරෝපා අභ්‍යවකාශ ආයතනය පවසයි.

පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා අතරේ පුරෝගාමී චන්ද්‍රිකාවක් ලෙස සැලකෙන මෙම පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවේ බර රාත්තල් 5057ක ප්‍රමාණයක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.

ERS-2 නමැති මෙම චන්ද්‍රිකාව, පෘථිවි කක්ෂයට යවා රැඳවූයේ 1995 දීය.

අක්‍රිය වීමෙන් පසු චන්ද්‍රිකාව පහළ පෘථිවියට කඩා වැටීම ආරම්භ වූයේ 2011 වසරේ සිට යැයි පැවැසෙයි.

අද දිනයේ අධික වේගයකින්, ගිනි ගෙන දැවෙමින් මෙය පෘථිවියට කඩා වැටෙන බවත්, එයින් කිසිවකුටවත් අනතුරක් සිදු නොවනු ඇති බවයි, යුරෝපා විද්‍යාඥයන් පවසන්නේ.

පෘථිවි වායුගෝලයට පිවිස අධික වේගයෙන් පහළට එද්දී, චන්ද්‍රිකාවෙන් වැඩි කොටසක් ගුවනේදීම විනාශ වනු ඇතැයි ද යුරෝපා විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා තිබේ.

Share This