ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ ‘Ruang’ ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවයි.

1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක් ද සිදුවුණා.

මේ හේතුවෙන් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදු වි තිබුණා.

නිරන්තරයෙන් සක්‍රියව පවතින ‘Ruang’ ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතකයි.

එම ගිනිකන්ද මේ වනවිට විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බවයි, විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබෙන අතර, මීටර් 725ක උසින් යුතු ‘Ruang’ ගිනි කන්ද සැලකෙන්නේ ඉන් වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසයි.

Hundreds evacuated after Indonesia's Ruang volcano erupts

Share This