අපරාධ කල්ලි සාමාජික “දුනුමාලේ සරත්” වෙඩි ප්‍රහාරයකින් මරුට

අපරාධ කල්ලි සාමාජික “දුනුමාලේ සරත්” වෙඩි ප්‍රහාරයකින් මරුට

අපරාධ කල්ලි සාමාජික “දුනුමාලේ සරත්” නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද (15) උදෑසන ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටිය දී දුනුමාලේ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ.

වෙඩි තැබීමෙන් අනතුරුව දුනුමාලේ සරත් නමැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන්.

දුනුමාලේ සරත් නමැත්තා 2015 වර්ෂයේ දී සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළ විත්තිකරුවෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටමඩ සහ අවිස්සාවේල්ල පොලිස් ස්ථාන පරීක්ෂණ පවත්වනු ලබයි.