අතුරුදන් වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ සිරුර හමුවෙයි

කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගිය ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්‍රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය පවසයි.

මෙම කාන්තාව කඩුගන්නාව ප්‍රදේශයෙන් කන්ද තරණය කිරීමට ගොස් ඇති අතර ඇය දින හතරකට පෙර සිට අතුරුදන්ව සිටියාය.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඩෙන්මාර්ක් ජාතික කරේන් මන්ක් එම්බසන් නමැති තරුණියකි.

මියගොස් ඇති ඩෙන්මාර්ක් ජාතික කාන්තාව ඉකුත් ජුනි 24 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ ඇති අතර ඉකුත් ජුලි 01 වැනිදා අම්පිටිය පාර මහනුවර හෝටලයකට පැමිණ නවාතැන් ගෙන තිබේ.

ජුලි මස 01 සිට 09 වැනිදා දක්වා මෙම කාන්තාව මහනුවර ප්‍රදේශයේ සුවිශේෂී ස්ථාන සංචාරය කර ජුලි 10 වැනිදා පෙරවරු 8.30 ට පමණ කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට යන බව හෝටලයේ හිමිකරුට දන්වා පිටව ගොස් ඇති බව හෝටලයේ හිමිකරු කර ඇති පැමිණිල්ලේ සදහන්ව ඇති බව පොලිසිය පැවසීය.

මෙම කාන්තාව කඩුගන්නාවට පැමිණ කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ලංගම බස් රථයකින් ගොස් එතැන් සිට අලගල්ල කන්ද තරණය කිරීමට යන අතර තුර දමිළ ජාතිකයකු මුණ ගැසී ඔහුගෙන් තොරතුරු විමසා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අලගල්ල කන්ද මුදුණ නැඟ ඇති මෙම කාන්තාව ගල මුදුණේ පිහිටි සිංහගලෙන් අනෙක් පැත්තට මාරු වීමට උත්සහ කරද්දී ගලෙන් පහළට ඇද වැටී ඇති අතර මළ සිරුරු වැටී ඇත්තේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට බව පොලිසිය පැවසීය.